මුස්ලිම් කාන්තා විමුක්ති සටන අටළුගමින් බෝවෙලට! කාති උසාවිය කාන්තාවන් අසරණ කර පාරට ඇද දමන හැටි ලොවටම කියයි! (video)

July 13, 2019 at 11:33 am | by emanisa.lk

මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ සිවිල් ගැටලු විසඳීමට ඇති කාති උසාවිය තමන්ට අසාධාරණයක් කළ බව ඌව පරණගම බෝවෙල අබ්දුල් ෆසිනා නම් කාන්තාව සිය පියා සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළාය.

තමා සමග විවාහ වී සිටි පුරුෂයා තමාගේ අකමැත්ත නොසලකා තමන්ගේ දික්කසාද කර ඔහුගේ අනියම් බිරිඳ විවාහ කර ගැනීමට කාති උසාවිය ඉඩ ලබා දුන් බවත් තමන්ගේ රත්තරන් බඩු පවා නැවත ලබා දීමට කටයුතු නොකළ බවත් ඇය හෙළි කළාය.

මෙම කාති උසාවි පිරිමින්ට පක්ෂපාති නිසා මුස්ලිම් කාන්තාවන් පාරක් පාරක් ගාණේ අසරණ වී ඇති බවත් පැවසූ ඈ මෙය සැබවින්ම ෂාරියා නීතියදැයි ප්‍රශ්න කළාය. පල්ලි කිහිපයකට සහ යා යුතු සියලු තැන්වලට ගියද මෙතෙක් කිසිදු සහනයක් නොලද බව ද ඇය හෙළි කළාය.

හන්දියක් හන්දියක් ගාණේ පැටව් දහය දොළහ හදන බැල්ලියන් ගාණට කාන්තාවන් පහත දමා ඇතැයි ඇගේ පියා මාධ්‍ය හමුවේ හෙළි කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස