නැගෙනහිර ආණ්ඩුකාරයා මරාගෙන මැරුණු සහරාන් හසීම්ගේ ගජයෙක්!

May 3, 2019 at 4:44 pm | by admin

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් හසීම් සමග ඉතාම සමීප සබඳතාවක් පවත්වා ගෙන ගිය බවට චෝදනා නැඟෙයි. මේ දෙදෙනා හමු වූ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයකි.

මේ ඡායාරූපයේ පෙනෙන ආකාරයට හිස්බුල්ලා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කාර්යාලයකට ගොස් එහි නායක සහරාන් හසීම් හමු වී තිබේ. අදාළ සංවිධානයේ බැනරයක් පසුබිමෙහි දැකිය හැකිය.

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ සුපිරි හොටෙල් තුනකට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හසීම් සමග එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට දැඩි සබඳතා පැවති බවත් දෙදෙනා 10 වාරයක් පමණ හමු වී ඇති බවත් වාර්තා වෙයි.

එවැනි ත්‍රස්තවාදියකු සමග කටයුතු කළ නැගෙනහිර තරුණයන්ට ආයුධ ලබා දුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අන්තවාදියකු තවමත් නැගෙනහිර පළාතේ ප්‍රධාන පුරවැසියා ලෙස කටයුතු කිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

නැඟෙනහිර පළාතේ ඉදිවන කුප්‍රකට ආසියාවේ විශාලතම ෂාරියා විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා ද හිස්බුල්ලාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස