ශ්‍රී ලංකාවේ ෂරියා නීතිය දැනටත් ක්‍රියාත්මකයි! කාන්තන්කුඩියේ ෂරියා නීතියෙන් 20ක් මරලා! – මහාචාර්ය මැදගොඩ අබයතිස්ස හිමි (video)

July 4, 2019 at 11:07 pm | by emanisa.lk

කාන්තන්කුඩිය ප්‍රදේශයේ ෂරියා නීතිය ක්‍රියාත්මක වන බවත් ෂරියා නීතිය අනුව 20කට අධික පිරිසක් එහි මරා දමා ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අබයතිස්ස හිමි පවසයි.

මෙසේ ෂරියා නීතිය අනුව මරා දමා ඇත්තේ මුදල් පොලියට දීම, කාඩ් සෙල්ලම් කිරීම, ගණිකා වෘත්තියේ යෙදීම, රජයට ඔත්තු සැපයීම සහ හමුදා සේවයේ යෙදීම යන චෝදනා යටතේ බවත් එහිමියන් හෙළි කළහ.

මෙම තොරතුරු කාන්තන්කුඩිය ප්‍රදේශයේ මුස්ලිම් වැසියකු විසින් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති බව ද එම තොරතුරු බුද්ධි අංශ වෙත ලබා දීමට තමන් සූදානම් බව ද අබයතිස්ස හිමි සඳහන් කළේය.

අප සහජීවනය පිළිබඳ කතා කළත් මිත්‍යාදුෂ්ටිකයකු ළඟ සහජීවනයක් නැති බවත් ඔවුන්ගේ අන්තවාදය නැති කිරීමට ආණ්ඩුව ගන්නා පියවර මොනවාදැයි තමන් ප්‍රශ්න කරන බවත් එහිමියන් පැවසීය.

විවිධ දේශපාලන කණ්ඩායම් මෙන්ම සිංහල දේශපාලකයන් ද මෙම වහාබ් අන්තවාදය උඩගෙඩි දෙන බව සඳහන් කළ එහිමියන් වහාම දේශපාලන පොරපිටියෙන් මිදී සියලු දෙනා එකතු වී මෙම අන්තවාදය පරාජය තොට රටේ අනාගත සුරක්ෂිතතාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස තමන් රට කරවන සියලු දෙනාට නියෝග කරන බව ද අවධාරණය කළේය.

‘වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ මැයෙන් නුගේගොඩදී පැවති මහජන රැළිය අමතමිනි උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස