ෂරියා විශ්වවිද්‍යාලය එරෙහි වූ එජාපයේ ආශුගේ ආරක්ෂාවට හිස්බුල්ලාගේ ආරක්ෂකයෝ දාලා!

August 26, 2019 at 8:05 am | by emanisa.lk

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ආරක්‍ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු තම නිවසේ ආරක්‍ෂාව සඳහා යෙදවීම සැක කටයුතු බව පවසමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

මේ පොලිස් නිලධාරීන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන්ය. එක් අයෙක් කාත්තන්කුඩියේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් තැනැත්තා මාවනැල්ලේ පදිංචිකරුවෙක් වේ.

ආශු මාරසිංහ මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතු යැයි නිර්දේශ කළ මන්ත‍්‍රීවරයායි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස