මද්රාසා පාසල් කියන්නේ මරාගෙන මැරෙන බෝමබ ෆැක්ටරි! – ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

April 25, 2019 at 11:51 am | by admin

අපේ රටේ අධ්‍යාපන අමාත්‍යංශයේ කිසිදු අධීක්ෂණයකින් තොර මද්රාසා නම් ඉස්ලාම් ආගමික පාසල් පද්ධතියක් රට පුරා ව්‍යාප්ත කරමින් ඇතැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

මෙම පාසලවල උගන්වන්නේ අරාබි ඉංග්‍රීසි සහ දෙමළ පමණක් වන අතර සිංහල උගන්වන්නේ නැති බව ද ඒවාට විදේශීය විශේෂඥයන් පැමිණ කුමක් උගන්වන්නේ දැයි කිසිවකු දන්නේ නැති බව ද ඒවා අධීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට ඉඩක් ද නැති බව ද එහිමියෝ පවසති.

මෙම පාසල්වලින් මුස්ලිම් දරුවන්ට කුඩා කාලයේ සිටම දිව්‍ය සම්පත් ලබා ගැනීමට පහසුම මාර්ගය ආගම වෙනුවෙන් දිවි පූජා කිරීම යැයි උගන්වමින් මොළ සෝදන බව උන් වහන්සේ වැඩි දුරටත් පවසති.

එසේම මේ වන විට නැඟෙනහිර ෂාරියා විශ්වවිද්‍යාලයක් ආරම්භ කර ඇති බවත් ඒවායේ උගන්වන විදේශීය විශේෂඥයන් මෙරට මුස්ලිම් තරුණයන්ට උගන්වන විෂය පිළිබඳ රටේ බලධාරීන් කිසිවක් නොදන්නා බව ද එහිමියෝ අවධාරණය කරති.

එමගින් මද්රාසා පාසල් ක්‍රමය තුළ මුස්ලිම් දරුවාට කුඩා වියේ සිටම දිව්‍ය සම්පත් ලබා ගැනීමට ඇති පහසුම මාර්ගය ආගම වෙනුවෙන් ජීවිතය පූජා කිරීම බව උගන්වමින් මොළ සෝදන බව එහිමියන් හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස