බුර්කා තහනමට අගමැති රනිල් ඇමති මංගල රාජිත එරෙහි වෙයි!

April 27, 2019 at 4:09 pm | by admin

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බුර්කා තහනම් කළ යුතු බවට අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ ගෙන ආ කැබිනට් පත්‍රිකාවට අගමැති රනිල් වික්‍රමසිංහ ඇමති රාජිත සේනාරත්න සහ ඇමති මංගල සමරවීර විරුද්ධ වී තිබේ. ඇමති පාඨලි චම්පික රණවක, ඇමති ගයන්ත කරුණාතිලක සහ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ වී ඇත.

මෙහිදී ඇමතිනී තලතා අතුකෝරළ පවසා තිබුණේ බුර්කාව තාවකාලික ලෙස තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාව ගෙන එන්නේ මුස්ලිම් ආගමික සහ දේශපාලන නායකයන්ගේ අනුමැතිය සහිතව බවය. කෙසේ වුවද මේ පිළිබඳ තව දුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.

මේ වන විට බුර්කාව, මද්රාසා පාසල්, ෂාරියා නීතිය ආදීය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු බවට සමාජ මතයක් නිර්මාණය වී තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ගෙන ආ ඇමතිනි තලතා අතුකෝරාළ එය ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *