ෂරියා විශ්වවිද්‍යාලය හිස්බුල්ලාටම දෙන්න කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් දැඩි සටනක!

August 20, 2019 at 2:14 pm | by emanisa.lk

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ අයිතියෙන් කොටසක් හෝ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට ලබා දීමට කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු දැඩි උත්සාහයක නිරත වන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එම ආයතනය රජයේ සහ පෞද්ගලික ආයතනයක් (සියයට පනහයි, පනහ හවුල් ව්‍යාපෘතියක්) ලෙස පවත්වා ගෙන යෑමටත්, පුද්ගලික පාර්ශ්වය ලෙස හිස්බුල්ලා මහතා සම්බන්ධ කරගැනීමටත් මෙම ඇමැතිවරුන් යෝජනා කර ඇති බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

මෙම ආයතනය රජයට පූර්ණ වශයෙන් පවරා ගතයුතු බවට එජාප මන්ත්‍රීි ආශු මාරසිංහ ප්‍රමුඛ උසස් අධ්‍යාපන හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ කර තිබියදීත් එය නොසලකමින් මෙම ඇමැතිවරුන් එම උත්සාහයේ නිරත වන බව ද හෙතෙම පැවසීය.

මෙය රජයට පවරා ගතහොත් එය විදේශ ආයෝජන සම්බන්ධයෙන් නරක ලෙස බලපානු ඇතැයි ඔවුන්ගේ අදහස වී ඇති බවද ඉහත ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස