ෂරියා නීති එපා වී මුස්ලිම් කාන්තාවන් රටෙන් පළා යයි! ආණ්ඩුව ස්ත්‍රී පීඩක නීති වෙනස් කරයි!

August 4, 2019 at 10:15 am | by emanisa.lk

සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා හා තහංචි රැසක් රාජකීය නියෝගයක් මගින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වයස 21ට වැඩි සෞදි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව විදේශ සංවාරයේ යෙදීමට අවසරය හිමි වී තිබේ.

මීට අමතරව විවාහ, දික්කසාද හා දරු උපත් ලියාපදිංචි කිරීමේ අවසරය ද කාන්තාවන්ට ලැබී ඇත.

කාන්තාවන්ට අදාල රැකියා නීති රීති ද වෙනස් කර ඇති අතර ලිංගිකත්වය, ආබාධ හෝ වයස් භේදයකින් තොරව රැකියා ලබා ගැනීමේ අයිතිය හිමිව ඇතැයි බලධාරීහු සඳහන් කරති.

සෞදියේ ඉහළ පන්තියේ කාන්තාවන් කිහිපදෙනකු එරටින් පලායෑමට උත්සාහ කිරීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ අතර විචාරකයින් පවසන්නේ මෙම නීති සංශෝධන ක්‍රියාවලියට එය යම් බලපෑමක් ඇති කරන ලද බවයි.

මෙසේ නීති සංශෝධනය කිරීම සම්බන්ධව බොහෝ සෞදි කාන්තාවන් සිය ප්‍රසාදය පලකර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස