රංජන් රාමනායක පාර්ලිමේන්තුව දෙවනක් කරමින් කී බොරු මෙන්න!

January 22, 2020 at 8:19 am | by emanisa.lk

බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස් තමන්ට මුදල් ලබා දීමට කතා කළ හඬපට තමා සතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එසේම මහින්ද රාජපක්ෂ 2005 වසරේ වන් ෂොට් චිත්‍රපටය රූගත කරන සමයේ තමන්ට එල්ල වූ ස්ත්‍රී දූෂණ නඩුවකට බුද්ධික පතිරණගේ මාමා වන නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සම්න්ධ කර දී ඉන් නිදහස් වීමට උදව් කර ඇති බවත් ඒ සම්බන්ධ හඬපට තමන් සතුව ඇති බවත් අනාවරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ සිරිපා මළුවේ පැවති පැරණි ඝණ්ඨාරය සොරා ගත් බවට එදා ඇතැමුන් පැවසූ බොරුව තමන් නොකී බව ද ඔහු එහිදී සඳහන් කළේය. නව ඝණ්ඨාරය පූජා කළ සිය චිත්‍රපයටක් ද නිෂ්පාදනය කළ කැන්ඩි සිටි සෙන්ටර් හිමිකරු ද පැවසූ බවත් තමා එවැනි අසත්‍ය චෝදනා කිසි විටක නොනැඟූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද රංජන් රාමනායක සමග තමන් කිසිම අවස්ථාවක කතා නොකළ බවත් හැකි නම් එම දුරකතන සංවාද ඉදිරිපත් කරන ලෙසත් තමා අභියෝග කරන බව අර්ජුන් ඇලෝසියස් සිය සමීපතමයන් සමග පවසා ඇතැයි වාර්තා වෙයි. මේ අනුව රංජන් රාමනායකගේ අදාළ ප්‍රකාශය බොරුවක් වීමට ඇති ඉඩකඩ වැඩිය. අර්ජුන් ඇලෝසියස් රංජන් සමග දුරකතන සංවාදයක යෙදිණි නම් කිසිසේත් මෙවැනි අභියෝගයක් එල්ල කරන්නේ නැත.

එසේම 2010 වසරේ පාර්ලිමේන්තුව නියෝජනය කළ රංජන් 2005 වසරේ සිට දුරකථන සංවාද පටිගත කර ගබඩා කළේ යැයි විශ්වාස කළ නොහැකි බවත් මහින්ද රාජපක්ෂගේ දුරකතන සංවාද තමා සතුව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ සිය පාක්ෂිකයන් මෝහනයට පත්කිරීමට බවත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි. අද දින එම සියලු හඬපට සභාගත කරන බව රංජන් පැවසුව ද එවැනි කිසිදු හඬපටයක් සභාගත නොකිරීමෙන් ද එය තහවුරු වෙයි. අනෙක් අතට එහිදී නීතිඥයකු ලබා ගැනීමට උපකාර කිරීමක් විනා විනිසුරුවරුන්ට බලපෑම් කිරීමක් පිළිබඳ නොපැවසෙයි.

එපමණක් නොව ගෝඨාභය රාජපක්ෂ සිරිපාදයේ ඉපැරණි ඝණ්ඨාරය හොරා ගත් බවට පිරිසක් ගෙතූ බොරු චෝදනාව තමන් කිසි විටක ප්‍රකාශ නොකළ බවට රංජන් රාමනායක පැවසූ ප්‍රකාශය ද අසත්‍ය බව ඔහු එකල සිය ෆේස්බුක් ගිණුමින් සිදුකළ ප්‍රචාරවලින් තහවුරු වෙයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ගෝඨාභය රාජපක්ෂ පැරණි ඝණ්ඨාරය පමණක් නොව එහි තිබූ දොළොස් මහේ පහන ද හොරකම් කළ බව පැවසෙන තොරතුරු එහි පළකර තිබේ.

ඊයේ සිය සියලු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට රංජන් රාමනායක ප්‍රකාශ කළ ද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ එවැනි කිසිදු හඬපටයක් හෝ ලේඛනයක් සභාගත නොකළ බවය. මේ අනුව රංජන් රාමනායක සිය සුපුරුදු බොරුකීම තවමත් නතර කර නොමැති බව තහවුරු වෙයි.

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස