ස්වාධීන මාධ්‍යවේදී අසාම් අමීන්ගේ තවත් හඬපට තොගයක් coming Soon! බෙල්ල ළඟින්ම හිරවෙද්දී අමීන් බීබීසීයෙන් ඉල්ලා අස්වෙයි!

January 21, 2020 at 9:04 am | by emanisa.lk

බීබීසී සිංහල සේවයේ කටයුතු කළ අසාම් අමීන් මීට සති දෙකකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ රංජන් රාමනායකගේ දුරකථන සංවාද සමාජමාධ්‍ය ඔස්සේ කරළියට පැමිණීමත් සමගය.

රංජන් රාමනායක සමග තමන් සිදුකළ සියලු දුරකථන සංවාද සහ එජාපය සමග සිදුකළ සියලු කුමන්ත්‍රණ එළිදරව් වන බව අවබෝධ කරගත් තමන්ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීම හැර කිසිදු විකල්පයක් නොතිබුණු බව අමීන් සිය හිතවතුන් සමග පවසා තිබේ.

මේ වන විට අසාම් අමීන් රංජන් රාමනායක සමග සිදුකළ එක් දුරකථන සංවාදයක් පමණක් මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර ඉදිරියේදී තවත් විශාල ප්‍රමාණයක් එළියට එනු ඇතැයි ද ඔහු පවසා තිබේ. ඒ අනුව තවත් ආන්දෝලනාත්මක හඬපට ඉදිරියේදී එළියට එනු ඇත.

එසේම රංජන් රාමනායකගේ ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයකු ලෙස ද අසාම් අමීන් කටයුතු කර ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. කෙසේ වුවද අසාම් අමීන්ගේ පක්ෂපාතීත්වය හෙළිදරව්වීමත් සමගම අමීන් කිසිදු දේශපාලන සංවාදයක් හෝ මාධ්‍ය හමුවක් සඳහා නොයැවීමට BBCය තීන්දු කර තිබූ බව colombo telegraph ඊයේ (20) හෙළිදරව් කර තිබිණි.

පසුගිය සමයේ බීබීසී ලෝක සේවය සහ එහි මාධ්‍යවේදීන් තමන් අපක්ෂපාතී මාධ්‍ය වෘත්තිය නිරත වන බව හුවා දක්වන්නට මහත් සේ වෙහෙස වුවද අප වැනි රටවල් තීරණාත්මක ප්‍රශ්නයකට මුහුණ දුන් සෑම අවස්ථාවක ඔවුන් කටයුතු කර ඇත්තේ රටට එරෙහිවය. BBC ආයතනය සිය රටට සහ කඳවුරට ඉතාම පක්ෂග්‍රාහී ආයතනයක් වන අතර මුලදී එහි සේවක අයඳුම්පත් පරික්ෂා කළේ MI5 නම් දේශීය ඔත්තු සේවාව මගින් බව ප්‍රකට රහසකි.

පාස්කු ප්‍රහාරය එල්ල වූ වහා එය සිංහල බෞද්ධයන්ගේ ප්‍රහාරයක් බව ලොව පුරා ප්‍රචාරය කළේ ද බීබීසීය විසිනි. බීබීසීයේ පමණක් නොව ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ ද රංජන් රාමනායක සමග සිදුකළ දුරකථන සංවාදයක් ද මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස