රංජන්ගේ ආණ්ඩුවට වාසි හඬපට විතරක් එළියට දාලා ඔට්ටු නෑ! ඔක්කොම දාන්න ඕන! ජවිපෙ

January 10, 2020 at 6:28 pm | by emanisa.lk

රංජන් රාමනායකගේ දුරකථන ඇමතුම්වලින් තමන්ට වාසි සහගත කොටස් පමණක් තෝරාගෙන ප්‍රසිද්ධ කරනවා වෙනුවට සියලුම හඬපට ප්‍රසිද්ධියට පත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස වැඩි දුරටත් මෙසේද පැවසීය.

“අපි කියන්නෙ ඔය තියන සේරම හඬපටි දැන් එළියට දාන්න. තෝර තෝරගෙන තමන්ට වාසිසහගත දේවල් පමණක් එළියට දාන්න නෙවෙයි, සියලුම දේවල් එළියට දාන්න. එතකොට මේ දේශපාලන ක්‍රමයේ තියෙන ජරාජීර්ණ බව ජනතාවට තේරුම් ගන්න පුළුවන් වේවි.

ඒවගේම රංජන් රාමනායක විතරක් නෙවෙයි තවත් ඔයවගේ අධිකරණයට, නීතියට, ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට බලපෑම් හෝ ඉල්ලීම් කළ සියලුම හඬපට හැකි ප්‍රමාණයෙන් එළියට දාලා මේ අය ඇත්තටම මොකද්ද කළේ කියන එක ජනතාවට තේරුම් කරවන්න පුළුවන් නම් මේ වෙලාවෙ, වටිනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස