බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන්ගේ ස්වාධීන රෙද්ද කැඩෙයි! එජාපෙ සජිත්ට රෙදි නැතිව කැම්පෙන් කළ හඬපටය මෙන්න! (Audio)

January 18, 2020 at 9:56 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේ බීබීසී සිංහල සේවයේ මෙරට ප්‍රධානී අසාම් අමීන් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට වාසි වන ආකාරයට කටයුතු කළ ආකාරය හෙළිවන හඬපටයක් මේ වන විට අන්තර්ජාලයට එකතු වී තිබේ.

ඒ අසාම් අමීන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සංවාදය හඬ පටයකි. මෙහිදී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තත්ත්වය පිළිබඳ දෙදෙනා සාකච්ඡා කරන අතර අසාම් අමීන් රංජන්ට පවසන්නේ පොහොට්ටුවට මෙන්ම ජවිපෙට ද චෝදනා එල්ල කළ යුතු බවය.

එසේම පොදුජන පෙරමුණට සම්බන්ධ සිද්ධියක් තමන් එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් යැයි ප්‍රවෘත්තියක පළ කරන බව පවසන අමීන්, රංජන්ට උපදෙස් දෙන්නේ මේ ප්‍රවෘත්තිය දේශපාලන පක්ෂය නම් නොකර පළ කිරීම පිළිබඳ තමන්ට බැණ වදින ලෙසත් ගෝඨාභය ජනාධිපති වීමටත් පෙරම භීතියට පත්ව ඇත්දැයි තමන්ගෙන් ප්‍රශ්න කරන ලෙසත්ය.

අසාම් අමීන් ස්වාධීන අපක්ෂපාතී මාධ්‍යවේදියෙකු ලෙස පසුගිය සමයේ කැපී පෙනෙන්නට දැඩි ලෙස උත්සහා දැරූ පුද්ගලයෙකු වන අතර අභීත, එඩිතර තරුණ මාධ්‍ය චරිතයක් ලෙස ඇතැම් අය ඔහු උත්කර්ෂයට නැගීමට ද කටයුතු කරනු දක්නට ලැබිණි.

කෙසේ වුවද අසාම් අමීන්ගේ මෙම හඬපටය සමග ඔහුගේ පමණක් නොව බීබීසී සේවයේ ද මෙතෙක් පොරවා ගෙන සිටි ස්වාධීන සළුපිළි ගැලවී විසි වී අමු නිරුවත් වී තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස