මහින්දත් මට කතා කළා! ගෝඨා නම් කතා කළේ නෑ! ඇමතිලගේ නෝනලා ගෙදර එන්න කිව්වා! පියුම ඔත්තුකාරියක් කරගත්තා! – රංජන් පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව මෙන්න.. (video)

January 21, 2020 at 4:55 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කරද්දී තමනට ලබා දුන් දුරකතන ඇමතුම් හත අටක්ම තමන් සතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

තමන්ට එරෙහිව පැවති නඩුවකදී මහින්ද තමන්ට උදවු කළ බව කියූ හඬ පටයක් ද ඒ අතර ඇතැයි ඔහු අනාවරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කිසිදු හඬ පටයක් තමන් සතුව නැති බවද ඔහු කියා සිටියේය. එසේම තවත් මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ හඬපට ගණනාවක් තමා සතුව ඇතැයි ද ඔහු හෙළි කළේය.

එසේම පියුමි හංසමාලී පාර්ලිමේන්තුවේ කොකේන් බොන මැති ඇමතිලා සහ ඇමති පුත්තු කවුදැයි හඳුනා ගැනීමට ඔත්තුකාරියක ලෙස යොදා ගත් බවත් රංජන් රාමනායක හෙළි කළේය.

අද(21) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

තමන්ගේ හඬ පට සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන්නැයි ඉල්ලා සිටි ඔහු ඊට තමන් උපරිම සහාය දෙන බවද පැවසීය. කෙසේ වුවද ආණ්ඩුව එවැනි කොමිසමක් පත් නොකරනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

මෙයට පෙර මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ උපන් දිනවලට සුබ පැතීමට තමන් රංජන් අමතා ඇති බවය. එසේම මහින්ද රාජපක්ෂ රංජන්ට මිස විනිසුරුවරුන්ට හෝ පොලිස් ප්‍රධානීන්ට බලපෑම් කරන හඬ පට ඇතැයි පැවසුවේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස