රංජන් සියතින් ගෙන තොණ්ඩුව ගෙළට දාගනී! විනිසුරන්ට පොලිසියට කළ බලපෑම් රෙකෝඩ් කරලා! හඬපට තොගයක් අත්අඩංගුවට! CID නිශාන්තට ගත් ඇමතුමක් මෙන්න! (video)

January 5, 2020 at 10:58 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රංජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිශාන්ත සිල්වා කන්දප්පා අතර සිදුවූ බව කියන දුරකතන සංවාදයක් අද මාධ්‍ය හමුවේ එළිදරව් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා සමග පමණක් නොව ශානී අබේසේකර සමග ද ඇමති රංජන් මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ සබඳතා පැවැත් වූ බව එමගින් අනාවරණය වෙයි.

රංජන් රාමනායක එකල විනිසුරුවරුන්ට, පොලිස් නිලධාරීන්ට සහ සමාජයේ විවිධ පුද්ගලයන්ට බලපෑම් කරමින් සිදුකළ සියලු දුරකතන සංවාද ඔහු විසින්ම CD තැටිවල ගබඩා කර තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

ඉදිරියේදී පසුගිය ආණ්ඩුව විවිධ පුද්ගලයන් දඩයම් කිරීම සඳහා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවභාවිත කළ අකාරය පිළිබඳ තවත් ආන්දෝලනාත්මක තොරතුරු අනාවරණය වනු ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස