සොඳුරු දඩබ්බර රංජන්ගේ චරිතය ඝාතනය වැරදියි! හෙට එන්නේ රංජන් මං ගැන කියන හඬපටයක් වෙන්න පුළුවන්! – හරීන්

January 16, 2020 at 6:23 pm | by emanisa.lk

රංජන් රාමනායක සිය කොන්ඩය සමිපූර්ණයෙන් ඉවත් කර සතුටින් බන්ධනාගාරයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

අද (16) රංජන් රාමනායකගේ සුවදුක් බැලීම සඳහා හේෂා විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම සමග බන්ධනාගාරයට ගොස් පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

නිදහස ලැබූ පසු පොලිසිය සහ විනිසුරුවරුන් සමග කතා කළ දේශපාලනඥයා රංජන් දැයි ඔහු ප්‍රශ්න කළේය.

අනෙක් දේශපාලකයන් මේ ආකාරයට ගත් දුරකතන ඇමතුම්වල හඬපට නිකුත් විණි නම් තව මොන තරම් දේ හෙළිදරව් වනු ඇතිදැයි ඔහු විමසුවේය.

රංජන් රාමනායක නම් තනිකඩ සොඳුරු දඩබ්බරයාගේ චරිත ඝාතනය සඳහා හඬපට කිහිපයක් යොදා ගෙන සිදුකරන විනාශයට වගකියන්නේ කවුදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

විනිසුරු රංජන්ට කතා කළේ ද රංජන් විනිසුරුවරුන්ට කතා කළේ ද යන්න දන්නේ කවුදැයි හෙතෙම විමසුවේ. හෙට තමන් ගැන රංජන් සමග කතා කරන හඬ පටයක් එළියට පැමිණිය හැකි බව ද ඔහුුු පෙන්වා දුන්නේය.

රංජන් රානායක සමග ආණ්ඩුවේ දේශපාලකයන් කතා කළ හඬපට ඇති බව ද ඒවා ඉදිරියේදී ඔහු රටට හෙළිකරනු ඇති බව ද හරීන් ප්‍රනාන්දු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස