දහම් සිරිසේන පොලිසියට බලපෑම් කළ හැටි මෙන්න! රංජන්ගේ අලුත්ම හඬපටයෙන් හෙළිවෙයි! (Audio)

January 10, 2020 at 10:08 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ තවත් හඬ පටයක් නිකුත් වී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා වන දහම් සිරිසේන විසින් ඔහුට හිතවත් පොලිසියේ නිලධාරීන් ඉහල තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කළ අයුරු මෙහිදී රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සාකච්චා කරයි.

දහම් සිරිසේන තම පියා වූ හිටපු ජනාධිපතිවරයාගේ බලතල ද ගෙන පොලිස් කොමිසමට බලපෑම් කර තම හිතවත් සුදුසුකම් නොමැති පොලිස් නිලධාරියෙකු ඉහළ තනතුරකට යොමුකර ඇති බව එම සාකච්ඡාවේදී ශානි අබේසේකර හෙළිකරයි.

ඒ මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති ධුරයක් දරන සමයේ දහම් සිරිසේන නැඟෙනහිර නිවාඩුවක් ගත කිරීම සඳහා ගොස් ඇති අවස්ථාවක පොලිස් නිලධාරියකුගේ පුතකු සමග ඇති වූ ගැටුමක දී තමන්ට පක්ෂපාතීව කටයුතු කළ නිලධාරියෙකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස