රංජන්ගේ හඬපට ජනතාවට අහන්න හොඳ නෑ! සියලු හඬපට කතානායක භාරගන්න ඕන! කතානායකතුමා වැරදි ඒවා තෝරලා පොලිසියට දෙයි! – රනිල් වික්‍රමසිංහ

January 8, 2020 at 8:00 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකතන සංවාද ජනතාව අතර ප්‍රසිද්ධ වීම සුදුසු නොවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් මෙම හඬපට රහස් පොලිසියෙන් පාර්ලිමේන්තුවට භාර ගත යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

ඉන්පසු කතානායකවරයා විසින් එම සංවාදවලින් වැරදි ඇති ඒවා පමණක් තෝරා පොලිසියට භාරදී යුතු බව ඔහුගේ අදහසය.

අදාළ හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේ සිද්ධිය පිළිබඳ උණුසුම් විවාදයක් ඇති වන පසුබිමක එහි පැමිණි වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මේ අදහස් පල කර නික්ම ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස