අසභ්‍ය හඬපටය මගේ නෙමෙයි! මගේ සැමියාවත් පාක්ෂියන්වත් ඕවා පිළිගන්නේ නෑ! – හිරුණිකා (video)

January 17, 2020 at 11:37 am | by emanisa.lk

රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකතන සංවාදයක් බවට ප්‍රචාරය කරන දෙවන හඬපටය තමන්ගේ නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

මෙම හඬපටය සහ මුල් හඬපටය සසඳා බලන ලෙසත් එහි හඬෙහි ඇති වෙනස එවිට හඳුනාගත හැකි බවත් ඇය පෙන්වා දෙයි.

තමා දෙරණ නාළිකාවේ දිලිත් ජයවීර හෝ වරුණි අමුණුගම කුඩු ගෙන එන බවක් නොදන්නා අතර එවැනි දෙයක් පිළිබඳ කිසිවකු සමග කතා නොකළ බවත් හිරුණිකා පවසයි.

මාධ්‍ය නාළිකා අතර පවතින යුද්ධයක කොටස්කරුවකු බවට තමා පත්කර ගෙන ඇති බවටත් තමන්ගේ චරිතය ඝාතනය කරන්නේ දුමින්ද සිල්වා නිදහස් කරගැනීමට පදනම සැකසීම සඳහා බවටත් මන්ත්‍රීවරිය චෝදනා කරයි.

ලක්ෂ ගණනක් හඬපට පවතිනවා නම් තමන්ගේ හඬ පටම එළියට එන්නේ මන්දැයි ඇය ප්‍රශ්න කළාය.

මෙම ව්‍යාජ හඬපට තම සැමියා හෝ පාක්ෂිකයන් පිළිනොගන්නා බවත් පාක්ෂිකයන් නිරතුරුව දුරකතන ඔස්සේ තමන් අමතමින් තමන් ශක්තිමත් කරන බවත් ඇය පෙන්වා දෙයි.

මෙම හඬපට අද රටේ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් බවත් රටේ ජනතා ප්‍රශ්න අමතක කරවීමට ආණ්ඩුව මෙම හඬපට ඔස්සේ උත්සාහ කරන බවත් ඇය සඳහන් කරයි. මෙවැනි හඬපට සියයක් ආවත් සිය දේශපාලන ගමන නතර නොකරන බව ද හිරුණිකා අවධාරණය කළාය.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස