රංජන්ගේ හඬපට සුනාමියෙන් ගැළවෙන්න එජාපයෙන් සූත්තරයක්! රංජන් වහා අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවට බලපෑම් කරයි!!

January 13, 2020 at 12:49 pm | by emanisa.lk

රන්ජන් රාමනායක සන්තකයේ තිබෙන හඬපට අතර එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකුගේම දුරකතන සංවාද ඇතුළත් හඬපට කිහිපයක් මේ වන විටත් සොයාගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අතර රනිල් වික්‍රමසිංහ, රනිල්ගේ සමීපතම මිතුරන්, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, කබීර් හෂීම්, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, වජිර අබේවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි වැන්නන්ගේද හඬපට ඇතුළත් බව දැනගන්නට ලැබේ.

මේ නිසා රංජන්ට එරෙහිව පක්ෂය තුළ දැඩි විරෝධයක් මතුව ඇති අතර ඔහු වහාම පක්ෂයෙන් නෙරපීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

මේ වන විට රංජන් රාමනායක වහාම අත්අඩංගුවට ගන්නා ලෙස එජාපය තුළින්ම බලපෑම් එල්ල වන බව ද වාර්තා වෙයි. එම ඉල්ලීම එජාප ප්‍රබලයෙක් ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් ද කර තිබේ. මෙහි අරමුණ වී ඇත්තේ රංජන්ට නඩු පවරා අදාළ හඬපට නඩු භාණ්ඩ බවට පත්කර ඒවා මාධ්‍ය ඔස්සේ විකාශනය වීම වැළැක්වීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස