ලංකාවේ ජූලියන් අසාන්ජ් මමයි! ජනතාව අනාගතයේ මට ගරු කරයි! – රංජන්

January 9, 2020 at 11:18 am | by emanisa.lk

විකිලීක්ස් කර්තෘ ජුලියන් අසාන්ජ්ට මෙන් දිනක තමන්ට ජනතාව ගරු කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

සිය හඬපට මගින් හෙළිදරව් වන කාරණා හේතුවෙන් ජනතාව එසේ අනාගතයේදී තමන්ට ගෞරවය කරනු ඇතැයි ද ඔහු පැවසීය.

තම සටන කුඩුකාරයන්, මිනීමරුවන්, දුෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා බවත් එහිදී තමන් ගන්නා යම් යම් ක්‍රමවේදයන් සදාචාරාත්මක නොවිය හැකි බවත් හෙතෙම පැවසුවේය.

තමන්ට තොරතුරු දුන් සියලු දෙනා වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටින බව ද ඔහු සඳහන් කළේය. මන්ත්‍රීවයා මේ බව පවසා සිටියේ ඊයේ (08) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස