රංජන් නීතිය නමලා නෑ! ඔහු විනිසුරුලගේ පොලිසියේ දුක අහලා! හඬපට ජනතාව අතට යාම ගැන පරීක්ෂණ ඕන! – පාඨලී

January 11, 2020 at 5:20 pm | by emanisa.lk

රන්ජන් රාමනායකගේ නිවසේ තිබී අත්පත් කරගන්නා ලද හඬ පට සාමාන්‍ය ජනතාව අතට ගියේ කෙසේදැයි මුලින් පරීක්ෂණයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.

නඩු කටයුතු සිදු කරන විනිසුරුවන්ට සහ විමර්ශන නිලධාරීන්ට දුරකථන ඇමතුම් දී ඒවායේ ප්‍රගතිය විමසීම කිසිසේත්ම සදාචාරාත්මක නැතැයිද ඔහු සඳහන් කරයි.

එසේ නමුත් එම දුරකථන ඇමතුම් වලින් නඩු තීන්දු සඳහා බලපෑම් කිරීමක් ඇතැයි පෙනෙන්නට නැතැයි ද හිටපු ඇමැතිවරයා කියයි.

එම හඬ පට අනුව පෙනී යන්නේ පොලිස් සේවාවේ නිලධාරීන් සහ අධිකරණ විනිසුරුවරියන් එම ක්ෂේත්‍රයන්හි ඇති දුක බෙදා හදා ගැනීමක් යයිද ඔහු සඳහන් කළේය.

උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස