හඬපට බොරු! මගේ කීර්ති නාමයට කළ හානියට නඩු කියනවා! – හිරුණිකා

January 20, 2020 at 8:06 pm | by emanisa.lk

මේ වන විට තමන් සහ රංජන් රාමනායක අතර සිදු වූ දුරකතන සංවාද ලෙස මාධ්‍ය ඔස්සේ විකාශනය වන්නේ සංස්කරණය කළ විකෘති කළ හඬපට බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

එසේම දෙදෙනෙකු අතර සිදු වූ දුරකතන සංවාදයක් ඔවුන්ගේ අනුමැතියක් නොමැතිව ප්‍රචාරය කිරීම වැරදි බව පරිගණක අපරාධ පිළිබඳ පනතේ 7 වෙනි වගන්තිය අනුව වැරදි බව ද ඇය පෙන්වා දුන්නාය.

මේ වන තෙක් රස පරික්ෂණ වාර්තාවක් ලබා ගෙන එම හඬපට සම්පූර්ණයෙන්ම තමන්ගේ හෝ රංජන් රාමනායකගේ බව තහවුරු කර නොමැති බවත් මේවා ප්‍රධාන නාළිකාවල ප්‍රවෘත්ති විකාශ ඔස්සේ ප්‍රචාරය කිරීම ඔස්සේ තමන්ගේ කීර්ති නාමයට සිදුකළ හානියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය අවධාරණය කළාය.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකිරීමෙන් පසු ඇය මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස