රංජන්ගේ හඬපට සුනාමියට ජවිපෙත් බිලිවෙයි! ජවිපෙ හඬපට විරෝධය පැය 24න් පත්තුවෙයි! වසන්ත සමරසිංහගේ කෝටි 9 ඉඩම් ඩීල් හඬපටය මෙන්න! (Audio)

January 9, 2020 at 12:49 pm | by emanisa.lk

ජවිපෙ වසන්ත සමරසිංහ වල්ගම අක්කරපනහ ප්‍රදේශයේ විශාල ඉඩමක් කෝටි 09කට මිල දී ගෙන ඇති බව පැවසෙන රංජන් රාමනායක සතුව තිබී හමු වූ බව කියන හඬපටයකින් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

මෙම හඬපටය වෙනත් පාර්ශවයක් විසින් පටිගත කර රංජන් රාමනායක වෙත එවන ලද්දක් බව ද පැවසෙයි.

මේ සඳහා වසන්ත සමරසිංහ ගොස් ඇත්තේ රාජ්‍ය වාණිජ සංස්ථාවෙ එජාප ආණ්ඩු සමයේ සභාපති සමගය. ඔහු හොරණ ප්‍රදේශයේ පුද්ගලයකු වන අතර වසන්ත සමරසිංහගේ ඉතාම සමීපතම මිතුරෙකු බව පැවසෙයි.

අදාළ ඉඩම විකිණීමේ බෝකර් ගාස්තුව ලක්ෂ 27ක් වී ඇති අතර බෝකර් වැඩේ කර ඇත්තේ ද ජවිපෙ සාමාජිකයෙකි.

මෙම කෝටි නමයක මුදල අත්පිට මුදලට ගෙවා ඇති අතර අදාළ ඉඩම මිලට ගන්නා පුද්ගලයාගේ නම ඉඩම පවරන අවස්ථාවේ සටහන් නොකිරීමට ද මොවුන් කටයුතු කර තිබේ.

පසුව මෙම ඉඩම මිලට ගැනීම හෙළි වී ඇති අතර එය ජවිපෙ පක්ෂ කටයුත්තක් සඳහා මිලයට ගත් බව ඇඟවීමට වසන්ත සමරසිංහලා උත්සාහ කර තිබේ.

කෙසේ වුවද එම ප්‍රකාශය කිසිවකු පිළිනොගෙන ඇති අතර මේ වන විට ජවිපෙ හොඳම ඩීල්කාරයන්ගේ පක්ෂය බවට පත්ව ඇති බව එහි සාකච්ඡා වෙයි.

ඊයේ ජවිපෙ මාධ්‍ය හමුවක් කැඳවමින් වසන්ත සමරසිංහ පැවසුවේ මෙම හඬපට සමාජගත වීම නිසා අධිකරණය පොලිසිය කෙරෙහි ජනතා විශ්වාසය තවත් බිඳ වැටෙන බවත් හඬපට සමාජගත කළ අයට දඬුවම් කළ යුතු බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස