මිනීමරු විනිසුරු පද්මිණී රණවක වහ අත්අඩංගුවට ගනු! – කොළඹ පුරා පෝස්ටර් ඇලවෙයි…

January 21, 2020 at 10:26 am | by emanisa.lk

හිටපු විනිසුරු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා කොළඹ පුරා පෝස්ටර් අලවා තිබේ.

ආණ්ඩුවේ අවශ්‍යතා අනුව තමන් නඩු තීන්දු ලබා දී ඇති බවත් ඒවා සලකා බලා තමන්ට උසස් වීමක් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඈ නියොජ්‍ය ඇමති රංජන් රාමනායකගෙන් ඉල්ලා සිටින දුරකථන සංවාද හඬපටය පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්විය.

ඇයට විරුද්ධව අධිකරණ කොමිසමට ද පැමිණිලි කිරීමට සූදානම් වන අතර අගවිනිසුරුවාය මෙම විනිසුරන් පිළිබඳ තීන්දුවක් ගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ (20) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය පද්මිණී රණවකගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තේය.

මේ වන තුරු පද්මිණී රණවකට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසිය හෝ අධිකරණ සේවා කොමිසම ක්‍රියා නොකිරීම බොහෝ පාර්ශ්වල විවේචනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *