මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ තමන්ගේ හඬපට බව රංජන් පිළිගනී! එම හඬපට ව්‍යාජ ඒවා යැයි තර්ක කළ රංජන් හිතවාදීන් අනාථයි….

January 8, 2020 at 4:59 pm | by emanisa.lk

තම නිවසට පැමිණි පොලිසිය අත්අඩංගුවට ගත් සීඩී තැටිවල තිබූ දුරකතන සංවාද පොලිස් භාරයට ගත් පසු මාධ්‍ය වෙත නිකුත් වූයේ කෙසේ දැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රශ්න කරයි.

ලාකඩ මත තම ඇඟිලි සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍ය නිකුත් වූයේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

එම හඬ පට කවර හෝ මාධ්‍යයක ප්‍රචාරය කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද ගංගොඩවිල අධිකරණයේ මෝසමක් ගොනු කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එම සීඩී පට නඩු භාණ්ඩ බවත් ඒවා පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබා දුන් බවට සැකකරන බවත් එය නීති විරෝධී බවත් ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් අධිකරණය විසින් අදාළ මෝසම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම සංයුක්ත තැටි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට මෙතෙක් ඉදිරිපත් කර නැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස