රට කළඹන රංජන් හඬපට කිහිපයක් හමුවෙයි! ප්‍රභූ කතුන් සමග phone sex කරලා!

January 9, 2020 at 10:33 am | by emanisa.lk

මෙරට ප‍්‍රභූ කාන්තාවන් ගණනාවක් සමඟ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදුකරන ලද දුරකතන ඇමතුම් ගණනාවක් හමු වී ඇතැයි වාර්තා වෙයි.

එම සංවාද බොහෝමයක් අදාල කාන්තාවන් සමඟ සිදුකරන ආලිංගන සංවාද (phone sex) බවද දැනගන්නට ඇත.

මෙම පිරිස අතර මහජන නියෝජිතවරියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ආයතන ප්‍රධානින්, කලා ශිල්පිනියන් සිටින බවද සඳහන්ය.

එම හඬ පට එළියට පැමිණීම වැළැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් ඇති අතර කතානායක සහ ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවේ ඇතැමුන් වැඳ වැටෙමින් ඇතැයි හෙළි වී තිබේ.

මේ වන විටත් පිරිසක් අදාළ සාකච්ඡා සමාජගත වීම වැළැක්වීම සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටින අතර බලධාරීන් පවසා ඇත්තේ මාධ්‍ය වෙත මෙම සංවාද නිකුත් කරන පාර්ශව සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් නාඳුනන පාර්ශවයක් පාලනය කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත්ය.

එහෙයින් ඕනෑම මොහොතක මෙම සංවාද සමාජමාධ්‍ය ඔස්සේ කරළියට පැමිණිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස