හාමුදුරුවන්ට ළමා අපචාරකාරයෝ කීවේ බුද්ධ ශාසනේ රැකගන්න ඕන නිසා කියන්න! – BBC අමීන් භික්ෂූ මර්දනයට රංජන්ට කෙවට්ටකම් කළ හැටි මෙන්න… (Audio)

January 19, 2020 at 9:23 pm | by emanisa.lk

BBC සිංහල සේවයේ මාධ්‍යවේදී අසාම් අමීන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමග පැවැත් වූ දෙවන හඬපටය ද නිකුත් වී තිබේ.

එහිදී දෙදෙනා සාකච්ඡා කරන්නේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට ළමා අපචාර චෝදනා එල්ල කිරීම සම්බන්ධය.

මෙහිදී අසාම් අමීන් රංජන් රාමනායකට උපදෙස් දෙන්නේ මෙම හෙළිදරව්ව සිදුකළේ බුද්ධ ශාසනය රැක ගැනීම පිණිස බව ප්‍රකාශ කරන ලෙසය.

“මම මේක නොකළා නම් ශාසනේට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ශාසනේ ආරක්ෂා කර ගන්න ඕන. හැමදාම හැංගි හැංගි ඉන්න බෑ. සැරෙන් නෙමෙයි අයියේ. මේක හදාගන්න. නැත්නම් බුද්ධ ශාසනේ නැති වෙලා යනවා. ඒ හිතේ අමාරුවටයි මම කිව්වේ, නැත්නම් මට ප්‍රශ්නයක් නෑ. කට්ටියට ඕන නැත්නම් මට ප්‍රශ්නයක් නෑ. අන්න ඒ ලයින් එක වෙන්න ඕන.” යනුවෙන් අමීන් රංජන්ට උපදෙස් දෙයි.

මෙහි විශේෂත්වය වන්නේ අසාම් අමීන් දිගින් දිගටම රංජන් රාමනායක හැසිරිය යුතු ආකාරය සහ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ යුතු දෑ පිළිබඳ උපදෙස් ලබාදීමය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස