අපේ ආගමික අයිතිය ඉදිරියට ගෙන යන්න සජිත් ප්‍රේමදාස දිනවන්න! – රිෂාඩ් බදියුදීන් (video)

October 25, 2019 at 7:51 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ තීන්දුව මත තමාගෙන් තම දරුවන්ගේත් අනාගතය රැඳී ඇතැයි ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි. එසේම තමාගේත් තම දරුවන්ගේත් සැනසීම ද ඒ මත රැඳී ඇතැයි හෙතෙම පවසයි.

සිය ආගමික අයිතීන් ඉදිරියට ගෙන යාම රැඳී ඇත්තේ ද මෙම ජනාධිපතිවරණය මත බව ඇමතිවරයා පවසයි.

එහෙයින් 16 වෙනිදා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වූ පුත්තලම ජනරැලියක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස