එක ජීවිතයක් නැසීම මුළු සමාජයම මරා දැමීමක්! – රිෂාඩ් බදියුදීන්

June 28, 2019 at 4:24 pm | by emanisa.lk

ඉස්ලාම් ආගමේ කුරානය තුළ කිසිදු තැනක මරාගෙන මැරෙන ප්‍රහාර අනුමත කර නොමැති බවත් එක් ජීවිතයක් මැරීම යනු මුළු මහත් සමාජයම මැරීමක් බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

පාස්කු ප්‍රහාර කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මෙසේ පැවසීය.

තමා මරාගෙන මැරෙන සංකල්පය ප්‍රතික්ෂේප කරන බව ද මේ සංකල්පය සම්පූර්ණයෙන්ම ශ්‍රි ලංකාවෙන් තුරන් කිරීමට කටයුතු කළ යුතු බව ද පැවසු හිටපු අමාත්‍යවරයා, සියලු දෙනා ජාති භේදයෙන් තොරව මේ සඳහා එකතු වී කටයුතු කළ යුතු බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස