ඇමති බදියුදීන් ඉල්ලා අස්වෙන්න ඕන! නැත්නම් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙනවා! – ඇමති නිරෝෂන් පෙරේරා

May 21, 2019 at 10:50 am | by admin

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා හමුවේ වහාම සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන සඳහා ඉඩ ලබා දිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඔහුට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දීමට සිදුවන බවත් ඇමති නිරෝෂන් පෙරේරා පවසයි.

ඇමතිවරයාට එරෙහිව එල්ල වන පළමු චෝදනාව වන පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු නිදහස් කරගැනීමට යුද හමුදාපතිවරයාට බලපෑම් කළා යන චෝදනාව යුද හමුදාපතිවරයා නැවත සනාථ කර ඇති බව ද ඇමතිවරයා ද යුද හමුදාපතිවරයාට කතා කළ බව පිළිගෙන ඇති බව ද නිරෝෂන් පෙරේරා සිහිපත් කළේය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ද මෙයට පෙර පැවසුවේ තමන් ද විශ්වාසභංගයට පක්ෂ වන බවය. හේෂා විතානගේ පැවසුවේ බදියුදීන්ට එරෙහි එක් චෝදනාවක් හෝ ඔප්පු කළහොත් තමා විශ්වාසභංගයට පක්ෂ වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස