කිසි කෙංගෙඩියක් කරන්න බැරි ජනාධිපති අපේක්ෂකම මෛත්‍රීට දීලා මහින්ද අගමැති අපේක්ෂක කළ යුතුයි! නැත්නම් දින 52 ආණ්ඩුවට බදියුදීන් ගන්න ඉඩ නොදී කකුලින් ඇද්ද අය හෙළි කරනවා! – දයාසිරි

June 3, 2019 at 8:24 am | by admin

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයටත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයටත් පත් කර ගැනීමේ ගිවිසුමකට එළැඹිය යුතු බව නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තිරිකුණාමලයේ ඊයේ (02) පැවැති පාක්ෂික හමුවකදීය.

එසේ නොමැතිව ජනාධිපතිධුරය අගමැති ධූරය හා කැබිනට් ඇමති ධුර සියල්ල එක් පක්ෂයට ලබා දිය නොහැකි බව මහ ලේකම්වරයා අවධාරණය කළේය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති බලතල සියල්ල අහෝසි කර ඇති බවත් ජනාධිපතිවරයාට කළ හැකි කෙංගෙඩියක් නැති බවත් ඔහු ප්‍රකාශ කළේය. එහෙයින් තමා බලයට පත් වී මුස්ලිම් අන්තවාදය නැති කරනවා යැයි කයිවාරු ගැහුවාට කළ හැකි දෙයක් නැතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

පසුගි කාලයේ පිහිටුවාගත් තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගත් අවස්ථාවේ බහුතරය හදා ගැනීමේදී ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු මන්ත්‍රීිවරු හය දෙනා ගැනීමට ඉඩ නොදී කකුලෙන් ඇද්ද පුද්ගලයන් පිළිබඳවද ඉදිරියේ තමන් හෙලිදරව් කරන බව ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස