ආණ්ඩුව බදියුදීන් රකින අතර ඔහුට එරෙහිව පැමිණිලි කළ අයට දඬුවම් දෙයි!

June 18, 2019 at 6:29 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගය සඳහා මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ ආණ්ඩුව දඬුවමි දෙන්නේ බදියුදීන්ට ද ඔහුට එරෙහිව පැමිණිලි කළ අයට ද යන්න පිළිබඳ ගැටලුවක් පැන නඟින බවය.

ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාට එරෙහිව තිබෙන චෝදනා පොලිසියට ගොනු කරන්න කිව්වම අපි සාක්ෂි 80ක් සහිත චෝදනා 16ක් පොලිසියට ඉදිරිපත් කළා.

එතනදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය අක්කර 3000 ට වැඩි ඉඩම් ප්‍රමාණයක් මන්නාරමින් අත්පත් කරගන්නට යොදාගත්ත ඔප්පු 68ක පිටපත් පවා අපි පොලිසියට ඉදිරිපත් කළා. ඔන්න අපි මුලින්ම මේ ලේඛන හොයන්න සතියක් විතර දුක් වින්දා.

ඊට පස්සේ අපි පොලිසියට පැමිණිලි කළාම නැවත පොලිසියේ පොතක ලියාගෙන පැය තුනක විතර අපෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. දැන් අපිට නැවත වතාවක් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ඇවිල්ල ඒ පැමිණිල්ල ගැන ප්‍රකාශයක් ලබා දෙන්න කියනවා.

එතකොට එකම පැමිණිල්ල කරන්න ඇවිල්ලා අපිට තුන් පාරක් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙනවා මේ ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද මොකද පැමිණිලිකාර අපිට මෙච්චර වද විදින්න වුණාට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා නම් තාම යහතින් ඉන්නවා ඔහුගේ එක රෝම කූපයකටවත් හානියත් මෙතෙක් සිද්ධ වෙලා නෑ.

– අරවින්ද අතුකෝරල

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස