“මූ මාව බාන්න හිතාගෙන ඉන්නේ! ත්‍රස්ත සල්ලිවලට කතෝලික අපි බාන්න බෑ!” ඇමති රිෂාඩ්ගේ ඇමතුමෙන් පසු කතෝලික මන්ත්‍රී කියයි…

June 1, 2019 at 4:00 pm | by admin

පසුගිය දිනක කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂක නිලධාරියකුගේ දුරකතනයට ඇමතුමක් ලබා ගත් ඇමති රිෂාඩ් බදියුදීන් අදාළ මන්ත්‍රීවරයා අමතා තමන්ට හැකි ඉක්මනින් මුණ ගැසී කතා කළ යුතු බව පවසා තිබේ.

එහිදී එම මන්ත්‍රීවරයා තමන්ට මළ ගෙදරක යාමට ඇති බව පවසා ඇති අතර මළ ගෙදර ගොස් රාත්‍රී කීයට හෝ සිය නිවසට පැමිණෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ සඳහා සුභවාදී ප්‍රතිචාරයක් නොදැක්වූ මන්ත්‍රීවරයා දුරකතන ඇමතුම නිමා කර “මූ මාව බාන්න හිතාගෙන ඉන්නේ. කතෝලික අපි ත්‍රස්ත සල්ලිවලට බාන්න බෑ කියලා පෙන්නමු!” යැයි අසල සිටි තවත් මන්ත්‍රීවරයෙකුට පවසා තිබේ.

මේ අතර පොදුජන පෙරමුණු මන්ත්‍රී හමුවේදී මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ රිෂාඩ් බදියුදීන් මේ වන විට විශාල ධනස්කන්ධයක් විසි කරමින් සිටින බවය. දෙරණ තිරය පිටුපස වැඩසටහනේ දී මෙම කරුණු හෙළිදරව් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස