අත්වැරදීමක් වුණේ මට නෙමේ නවීන්ටයි! මගේ ස්ථාවරයේ වෙනසක් නෑ! අහිමි වූ ජීවිත 300ට සාධාරණය ඉටු විය යුතුයි! – ඇමති නිරෝෂන් පෙරේරා

May 23, 2019 at 10:30 am | by admin

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විපක්‍ෂය විසින් භාරදී ඇති විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව තමන් සිදුකළ ප්‍රකාශ අත්වැරදීමකින් වූවක් යැයි නවීන් දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, තම ස්ථාවරය තේරුම් නොගෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව බරපතළ චෝදනා එල්ල වී තිබෙන බවත්, අන්තවාදය වර්ධනය වීම වැළැක්වීම සඳහා සියලු දෙනාට වගකීමක් තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 300ක් පමණ වන ජනතාවට සාධාරණයක් ඉටු විය යුතු බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස