අපි හැමදාම සහාය දුන්නේ දිනන අපේක්ෂකයාටයි! මේ පාරත් එහෙමයි! – බදියුදීන් වැට උඩට නැඟ අමුතු කතාවක් කියයි….

August 5, 2019 at 9:03 am | by emanisa.lk

තමන් ජනාධිපතිවරණයකදී සහාය ලබාදෙන්නේ ජයග්‍රහණය කරන පාර්ශ්වයට බවත් 2005 වසරේ සිටම කටයුතු කළේ ඒ ආකාරයෙන් බවත් අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් පවසයි.

ඒ අනුව තමන් 2005 සහ 2010 මහින්ද රාජපක්ෂට සහාය දුන් අතර ඔහු ජයග්‍රහණය කළ බවත් 2015 වසරේදී තමන් මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කළ අතර ඔහුත් ජයග්‍රහණය කළ බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

එහෙයින් 2019 ජනාධිපතිවරණයේදී ද දිනන අපේක්ෂකයාට තම පක්ෂයේ සහාය හිමිවනු ඇති බව ඔහු අවධාරණය කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (04) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස