අගමැතිතුමාට බනින්නේ නිඝණ්ඨයෝ! අගමැතිතුමාට තර්ජනය කරන්න රතන කවුද?!-මහගල්කඩවල පුඤ්ඤසාරහිමි

July 4, 2019 at 2:59 pm | by emanisa.lk

අතුරලියේ රතන හිමි උපවාස කළේ නිඝණ්ඨනාථපුත්තගේ ධර්මය අදහන ජෛන ආගමිකයකු වශයෙන් බව සත්කෝරළේ උප ප්‍රධාන සංඝ නායක මහගල්කඩවල පුඤ්ඤසාරහිමි පවසයි.

එය අගමැතිවරයා ප්‍රකාශ කළ විට අගමැතිතුමා සහ රජයට එරෙහිව අදහස් මතවාද ප්‍රකාශ කළ බවත් ජෛන ආගමිකයන් බුදු දහමට විරුද්ධ බවත් එහිමියන් පවසයි.

රතන හිමි උපවාස කර දළදා මාළිගාව කෙළෙසූ බවත් ඒ සඳහා බස්නායක නිළමේතුමා ද වගකිව යුතු බවත් එය දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව සිදු වූ බවත් පුඤ්ඤසාර හිමි වැඩි දුරටත් සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් ඇමතිවරු පරීක්ෂණවලින් නිදොස් වුවද යළි ඇමති ධුර භාර නොදිය යුතු බවට අගමැතිතුමාට තර්ජනය කිරීමට තරම් අතුරලියේ රතන කවුදැයි එහිමියන් ප්‍රශ්න කරයි.

එවැනි ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට රටේ මහා නායක හිමිවරුන් සිටින බවත් අතුරලියේ රතන යනු එක්සත් ජාතික පෙරමුණේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පණක් බවත් පුඤ්ඤසාර හිමි පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස