ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ගේන බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය දිනන්න බෑ! රටේ අර්බුද තියෙන කොට ජනාධිපතිවරණ තියන්නත් බෑ!- මෛත්‍රී

May 30, 2019 at 9:49 am | by admin

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාවේ කරුණු 12ක් ඇති බවත් එම කරුණු 12 ඔප්පුකර ගැනීමට මෙන්ම එම විශ්වාසභංගය ජය ගත නොහැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

අද (29) නුවරඑළිය, නානුඔය නගරයේදී ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.

එහෙදි තව දුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මේ බව පැවසීය.

“රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. මම ගාව තියෙනවා රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව චෝදනා ඕනෑ තරම්.

මේ රටේ විගනකාධිපති දුන්න වාර්තාව තියෙනවා. රිෂාඩ් බදුර්දීන් සෙල්ලම් කරපුවා, රටට පාඩු කරපුවා ඒවා සියල්ලම මම ගාව තියෙනවා. නමුත් මේ නිකන් ඇස් දෙක වහගෙන ක්‍රිකට් ගහනවා වගේ වැඩක්.

ඔහේ වනනවා වගේ ගැහුවට මේකෙන් වදින්නේ නැහැ. මේ ඔක්කොම කරන්නේ ජනාධිපතිවරයායි, ආණ්ඩුවයි අමාරුවේ දාන්න.

අද සමහරක් කියනවා ජනාධිපතිවරණයක් තියන්න කියලා. සමහරක් අය කියනවා ආණ්ඩුව වෙනස් වෙන්න ඕනෑ කියලා. රටේ අර්බුදයක් තියෙන වෙලාවේ ජනාධිපති මැතිවරණයකට යන්න ගියෝත් මොකද වෙන්නේ.

සම්පුර්ණයෙන්ම මේ යාන්ත්‍රණය මාස හතර පහකට අකර්මණ්‍ය වෙන එකයි වෙන්නේ. මේ රටේ පිස්සෝ ටිකක් ඉන්නවා. අපි කතා කරන කොට ඔලුව පාවිච්චි කරලා කතා කරන්න ඕනෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස