සජිත් සිංහලෙන් ඒකීය කියමින් දෙමළෙන් ඉංගිරිසියෙන් එක්සත් කියලා රටම රවටනවා! – හිටපු මහ ඇමති විග්නේශ්වරන් එජාප බොරුව හෙළිකරයි…

November 5, 2019 at 11:34 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල දෙමළ සහ ඉංගිරිසි පිටපත්වල එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති යොදවමින් ජනතාව රැවටීමට සූදානම් වන බවට උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් පවසයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතෙහි ඒකීය රාජ්‍යය (Unitary)යන වචනය යොදා ගන්නා ඇමති සජිත් ප්‍රේමදාස දෙමළ සහ ඉංගිරිසි පිටපත්වල එක්සත් (United)යන වචනය යොදා ගන්නා බව විග්නේශ්වරන් පෙන්වා දෙයි.

United යනු ඒකීය නම් United National Party යන්න සිංහලයට නැඟිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය ලෙස නොව ඒකීය ජාතික පක්ෂය ලෙස යැයි ද හෙතෙම අවධාරණය කරයි. මෙම ක්‍රියාව පිළිබඳ තමා සිය අප්‍රසාදය පළ කරන බවත් හිටපු මහ ඇමතිවරයා පවසයි.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළේ අගමැති රනිල් සහ දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් එක්ව බවට ජනාධිපති නීතිඥ අලි සබ්රි චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස