එජාපයෙන් ගියේ රට පාව දෙන ගිවිසුමක් නිසා නෙමේ, අපේක්ෂකත්වය සිරිසේනට දුන් නිසායි! පක්ෂයේම ජනපතිවරයකු බිහිවන මේ අවස්ථාවේ මම නැවත එජාපයට එනවා! – තිස්ස අත්තනායක

September 25, 2019 at 3:06 pm | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ ආරාධනය පිළිගෙන තමා නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වීම ජනාධිපතිවරණය ජයග්‍රහණය උදෙසා දිවි හිමියෙන් කැපවන බව එජාප හිටපු සභාපති තිස්ස අත්තනායක පවසයි.

තමා පක්ෂයෙන් ඉවත් වූයේ 2015 එජාප අපේක්ෂකයකුට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හැකි අවස්ථාවේ වෙනත් අපේක්ෂකයකුට අවස්ථාව ලබා දුන් නිසා බව හෙතෙම සඳහන් කළේය.

විවිධ හේතු නිසා එජාපය අතැර ගිය පිරිසට අතීතය අමතක කර නැවත ඒකාරාශී වන ලෙස ආරාධනා කිරීම අගය කරන බව ද තිස්ස අත්තනායක නිකුත් කළ ලිපියෙහි දැක්වෙයි.

කෙසේ වුවද 2015 එජාපයෙන් ඉවත් වී එවක රාජපක්ෂ ආණ්ඩුවට එකතු වෙමින් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ එජාපය දෙමළ ජාතික සන්ධානය සමග රට පාවාදෙන ගිවිසුමක් අත්සන් කළ බවත් තමන්ට දේශද්‍රෝහියකු විය නොහකි හෙයින් පක්ෂයෙන් ඉවත් වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස