එජාපයෙන් කරූ වෙනුට රනිල්! දෙමළ සන්ධානය සහ NGO පෙරට! සජිත්ට කුදගහගන්න කියයි…

September 22, 2019 at 8:01 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස හිතවාදීන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට්ටුවේදී විරුද්ධවීම නිසා එම යෝජනාවට පක්ෂපාතීත්වය දක්වන හිතවත් පක්ෂවල එකඟතාව ඇතිව එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කිරීමට ඉඩ ඇතැයි එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

කෙසේ හෝ පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර අනුමැතිය ඇතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ නාමයෝජනාව අනුමත කරගත හැකි බවට රනිල් හිතවාදීහු දැඩි ලෙස විශ්වාසය පළකරති. ඒ සඳහා ලබන අඟහරුවාදා හෝ බදාදා එජාප කෘත්‍යාධිකාරිය කැඳවීමට නියමිතය. මේ පියවර ගැනීමට යන්නේ කරු ජයසූරිය මහතා තම අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පමා කිරීම නිසා බව දැනගන්නට තිබේ.

දෙමළ ජාතික සන්ධානය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින තවත් සුළු පක්ෂ දෙකක් හා සිවිල් සංවිධාන ගණනාවක් සමඟ රනිල් හිතවාදීන් මේ ගැන සාකච්ඡා කර ඇතැයි කියැවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස