අපේ කොන්දේසි 13 පිළිනොගන්න කිසිම අපේක්ෂකයකුට දෙමළ ජනතාවව ඡන්දෙ දෙන්න එපා! – විග්නේශ්වරන්

October 30, 2019 at 11:12 am | by emanisa.lk

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහ ඉදිරිපත් කළ කොන්දේසි 13 පිළිගැනීමට සිංහල ජනාධිපති ධුර අපේක්ෂකයන් අපොහොසත් වීම නිසා දෙමළ ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දීමේ සදාචාර අයිතියක් නොමැති බව දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි.

තැපැල් ඡන්දයට පෙර උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අදහස්, ඉල්ලීම් පිළිබඳ ජනාධිපති ධුර අපේක්ෂකයන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සී. වී. විග්නේෂ්වරන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

කොන්දේසි 13 ප්‍රධාන අපේක්ෂකයන්ට ලිඛිතව ඉදිරිපත් කර ඇති නමුත් කිසිම සිංහල ජනාධිපති ධුර අපේක්ෂකයෙක් මෙම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක් නොපැවැත්වූ බව එහි වැඩි දුරටත් දැක්වෙයි. දෙමළ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳ ජනාධිපති ධුර අපේක්ෂකයන් තුළ දුර දැක්මක් නැති බවද සී. වී. විග්නේෂ්වරන් පවසයි.

මේ අතර අදාළ යෝජනා 13 මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර ඇති අතර සජිත් ප්‍රේමදාස පාර්ශවය ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඒ පිළිබඳ කිසිම අදහසක් පළ නොකරන ලෙස අගමැති රනිල් සිය පක්ෂයට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වෙයි. ජනාධිපති ධුරයට සුදුසු සජිත් බවත් ඒ සඳහා උවමනා උගත්කම ඔහු සතුය ඇති බවත් විග්නේශ්වරන් මෙයට පෙර පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස