උතුරු නැඟෙනහිරට දේශපාලන විසඳුම් ඇතුළු අපේ ඉල්ලීම්වලට සජිත් එකඟයි! ගෝඨා එකඟ නෑ! – සම්බන්ධන්

November 3, 2019 at 11:11 am | by emanisa.lk

අපේ ඉල්ලීම් වෙනුවෙන් සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් සාධාරණය ඉටු වි තිබෙන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් පැවසු බව දෙමළ මාධ්‍ය වාර්තා කරයි.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවධානය යොමු ඇති බවද සම්බන්ධන් පැවසු බව අදාළ මාධ්‍ය වාර්තා කරයි.

උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට විසඳුම් ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුවට විසඳුම් ලබා ගැනීම, අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආදි ගැටළු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවස්ථාවක් උදාවි ඇති බවද සම්බන්ධන් හිදි ප්‍රකාශ කොට තිබිණ.

ඔහු එහිදි වැඩිදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට හැකියාවක් නොමැති බව පෙනී යන බවයි.

ජනාධිපතිවරණය‍ වෙනුවෙන් එක්ව සිටින දෙමළ දේශපාලන පක්ෂ නායකයින් වවුනියාවේදී රැස්වීමට නියමිත අතර, අදාළ පක්ෂවල තීරණය අද (03) ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස