නූතන දුටුගැමුණු දැම්මට සිංහලයා බෙදිලා නිසා රාජපක්ෂලාට දිනන්න බෑ! ඒ නිසා දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ඡන්ද ලැබෙන යූඇන්පී අපේක්ෂකයා තමයි දිනන්නේ! – වික්‍රමබාහු කරුණාරත්න

April 18, 2019 at 5:36 pm | by admin

එළඹෙන ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ සිංහල ජාතියේ වීරයකු එනම් නූතන දුටුගැමුණු ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවත් දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ඡන්ද නොමැතිව 65%ක් පමණ වන සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍ය 50% ලබා ගැනීම බෙහෙවින් අපහසු කාර්යයක් බව නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

සිංහල ජාතිවාදී පක්ෂයකට දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි ඡන්ද දිනාගත නොහැකි බවත් එහෙයින් එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණය ජයගත හැකි බවත් හෙතෙම පවසයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පසු ජනාධිපතිවරයාට නීතිමය වශයෙන් විශාල බලයක් නැති බවත් ජනතාව විසින් තෝරාපත් කරගන්නා නිසා යම් බලයක් හිමි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *