ජනතාව ගෙදර යන්න කිව්වොත් මම යනවා! මම නම් බූවල්ලෙක් වගේ අල්ල ගෙන ඉන්නේ නෑ! – සජිත්

September 18, 2019 at 9:02 am | by emanisa.lk

පොදු ජනතාව තමා දේශපාලනයට සුදුසු නැතැයි විශ්‍රාම යන ලෙස පැවසුවහොත් බූවල්ලකු ලෙස තනතුරු බදාගෙන නොසිට විශ්‍රාම යන බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

ඇමති මංගල සමරවීරගේ කොළඹ නිවසේ දී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස වන්නේ නම් අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ යැයි දෙමළ සන්ධානය පනවන කොන්දේසිය පිළිබඳ විමසූ විට ඔහු ප්‍රකාශ කළේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවය.

තමා විශ්වාස කරන පරිදි එක්සත් ජාතික පෙරමුණේ වෙනත් පක්ෂ නායකයන්ගේ බරපතළ විරෝධයක් තමා වෙත නොමැති බවත් තමා ප්‍රමුඛතාව දෙන්නේ පොදුජන මතයට බවත් ඔහු අවධාරණය කළේය.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය තමාට ලැබේ යැයි දැඩි විශ්වාසයක තමා සිටින බවත් එහෙයින් වෙනත් විකල්ප පිළිබඳ සිතීමේ උවමනාවක් නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුව සඳහා එජාප සභාපති කබීර් හෂීම්, ඇමති මංගල සමරවීර ඇතුළු පිරිසක් සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස