අපි වැඩ ඡන්ද ලක්ෂ 15කින් සජිත් දිනවනවා! – වජිර

October 13, 2019 at 1:17 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩි ඡන්ද පහළොස් ලක්ෂයකින් ජයග්‍රහණය කරවන බව ඇමති වජිර අබේවර්ධන පවසයි.

ඔහු මෙ බව පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ විජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ජනයා බල මුළු ගැන්වීමේ මෙහෙයුමට අදාළව එක්සත් ජාතික පෙරමුණේ ගාලු දිස්ත්‍රික් ඉහළම පෙළේ ක්‍රියාකාරීන් පිරිසක් සමග කොළඹ පිහිටි සිය නිවසේ සිදු කළ අභ්‍යන්තර සාකච්ඡාවකදීය.

යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, මඩකලපුව, තිරිකුණාමලය, නුවරඑළිය ආදී මුස්ලිම් දෙමළ ජනතාව බහුල දිස්ත්‍රික්ක තමන්ට ජයග්‍රහණය කළ හැකි බවත් ගාල්ල, මාතර, හම්බන්තොට වැනි සිංහල බෞද්ධ ජනතාව බහුල ප්‍රදේශ ජයග්‍රහණය කළ යුතුව ඇති බවත් ඔහු ගාලු දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරීන් වෙත යවන ලද ලිපියක් මගින් අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස