අපේ සහාය නැතිව කාටවත් ජනාධිපති වෙන්න බෑ! අපි සහාය ඊළම හදන්න උදව් කරන අපේක්ෂකයාට විතරයි! – මාවෙයි සේනාධිරාජා

October 14, 2019 at 2:08 pm | by emanisa.lk

උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කරන සහ එම පළාත්වලට වෙනම බලතල ලබාදෙන අපේක්ෂකයකුට ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

එම සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ධුර අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් දෙමළ ජනතාවගේ ගැටලුවලට ලබාදෙන විසඳුම් පදනම් කර ගනිමින් අවසන් තීරණය ගැනීමටද දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සහාය තමන්ට ලබාගැනීමේ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත. දෙමළ ජාතික සන්ධානය ඇතැම් විට ඡන්ද වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නොමැති කිසිදු අපේක්ෂකයකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධානයේ ඡන්දය ජනාධිපතිවරයා තේරීමේ ප්‍රධාන සාධකය වන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා පැවසීය. උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, අතුරුදන්වූවන්ගේ ගැටලු විසඳීම, උතුරු නැගෙනහිර වෙනුවෙන් වෙනම බලතල ඉල්ලීම වැනි කාරණා ඉටු කිරීමට එකඟවන අපේක්ෂකයකු වෙනුවෙන් තම සහයෝගය ලබාදීමට සූදානම් බවද සේනාධිරාජා කියයි.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානයේ ඒකාබද්ධතාවයෙන් දෙමළ ජාතික සන්ධානය සැකසී ඇති අතර පසුගිය ජනාධිපතිවරණයේදීද ජනාධිපතිවරයාට තෝරා ගැනීම සඳහා උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද විශාල බලපෑමක් එල්ල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස