ජවිපෙයි දෙමළ සන්ධානයයි නැතිව අපට දිනන්න බෑ! – රාජිත

August 16, 2019 at 5:34 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ සහාය නැතිව ජයග්‍රහණය කළ නොහැකි බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය 12 වෙනිදා කොළඹ දී ඇමති සජිත් ප්‍රේමදාස හමු වී අවස්ථාවේ මේ බව පවසා තිබේ.

විශේෂ‍යෙන් එජාපය තුළ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ මතුව ඇති අර්බුදය වහා නිමකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඔහු එහිදී අවධාරණය කර ඇත.

මේ වන විට අගමැති රනිල් අතහැර ඇමති සජිත් ප්‍රේමදාස වෙත සහාය පළ කිරීමට ද ඇමති රාජිත කටයුතු කරමින් තිබේ. ඔහු පසුගිය දිනවල කීවේ ජනතාව ඉල්ලන නායකයා ලබා දීමට කටයුතු කරන බවය.

මේ අතර දෙමළ ජාතික සන්ධානය පවසා ඇත්තේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීම ස්වයං පාලනයක් ලබා දීම ඇතුළු තම යෝජනාවලට එකඟ වන අපේක්ෂකයාට සිය සහාය ලබා දෙන බවත් මහින්ද රාජපක්ෂ පාර්ශවයට සිය සහාය ලබා නොදෙන බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ සිය අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර අවසාන අවස්ථවේ ඔහු ඉවත් වී එජාප අපේක්ෂකයාට සහාය පල කිරීමේ සැලසුමක් පිළිබඳව ද සාකච්ඡා කෙරී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස