පක්ෂයේ තීන්දුව මට අදාළ නෑ! ජනාධිපතිවරණයට මම අනිවාර්යෙන් එනවා! – සජිත් ප්‍රේමදාස

August 16, 2019 at 1:22 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයට තමා අනිවාර්යනේම තරඟ කරන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

කෙසේ වුවද එජාප ජනාධිපති අපේක්ෂකයා මෙතෙක් නිල වශයෙන් නම් කර නොමැති අතර නව සන්ධානයට එළඹීමෙන් පසු ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පවසා තිබේ.

ඇමති දිලිප් වෙදආරච්චි පවසා තිබුණේ ඇමති සජිත් ප්‍රේමදාසට එජාප ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණ හොත් වෙනත් පක්ෂයකින් හෝ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවන බවය. ඇමති සජිත් ප්‍රේමදාසගේ මෙම පණිවිඩය ඒ පිළිබඳ ඉඟියක් විය හැකිය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයට මෙන්ම ඇමති සජිත්ට ද තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව සඳහන් කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව එජාප ජනාධිපති අපේක්ෂක ධුරය ඇමති සජිත් ප්‍රේමදාසට නොලැබුණහොත් ඔහු වෙනත් පක්ෂයක් ඔස්සේ තරඟ වදිනු ඇතැයි අනුමාන කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස