ගෝඨා-සජිත් කවුරු ජනපති වුණත් හමුදාපති ඉවත් කළ යුතුයි! නව ව්‍යවස්ථාවක් ගේන්න ඕන! යුද අපරාධ හොයන්න අධිකරණයක් ඕන! – ඇමරිකාව

November 3, 2019 at 7:52 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමන අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කළ ද ඔහු ඇමරිකාවේ මානව හිමිකම් න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කළ යුතු බව ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කරන බව දකුණු ආසියානු කලාපය භාර ඇමරිකානු සහකාර ලේකම් ඇලික් වේල්ස් සඳහන් කරයි.

ඇමරිකානු මානව හිමිකම් න්‍යායපත‍්‍රයට අනුව හමුදාපති ධුරයෙන් ලුතිනන් ජනරාල් ශවේන්‍ද්‍ර සිල්වා ඉවත් කිරීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම, චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විශ්වසනීය අධිකරණ යාන්ත‍්‍රණයක් ඇතිකිරීම සහ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට නව ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද ඇය ප‍්‍රකාශ කර තිබේ.

ඇලික් වේල්ස් මෙම කරුණු දක්වා ඇත්තේ ඇමෙරිකානු විදේශ සබඳතා කමිටුව හමුවේය.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියකු වන රොබට් වෙස්ට්රෝ ද විදේශ සබඳතා කමිටුවේ හමුවේ ප‍්‍රකාශකර ඇත්තේ ශ‍්‍රී ලංකා රජය යුද හමුදාපති ධුරයට ශවේන්‍ද්‍ර සිල්වා පත් කිරීම මගින් ජිනීවා මානව හිමිකම් යෝජනාව උල්ලංඝනය කර ඇති බවය.

ඇමති මංගල සමරවීර මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත්කිරීමට එරෙහි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස