ජනාධිපති වෙලා හය මාසෙන් ජාතික ප්‍රශ්නය විසඳනවා! ඒකීය ලේබලේ ගහලා බලය බෙදනවා! – සජිත් යාපනේදී කියයි…

September 11, 2019 at 4:00 pm | by emanisa.lk

තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් මාස හයක් ඇතුළත ජාතික ගැටලුවට විසඳුම් ලබා දෙන බව ඇමති සජිත් ප්‍රේමදාස දෙමළ සන්ධානයට පවසා ඇත.

දෙමළ සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එම ප්‍රකාශය සත්‍යයක් බව සනාථ කර ඇති අතර පසුගියදා යාපනේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම සාකච්ඡාව සිදුව තිබේ.

එහිදී දෙමළ ජනතාවගේ ඉල්ලීම ෆෙඩරල් විසඳුමක් බවත් ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ සටන් කර ඇති බවත් පෙන්වා දුන් දෙමළ ජාතික සන්ධානය ඒ හැර වෙනත් විසඳුමකට තමා කැමති නොවන බව ද පවසා ඇත.

මෙහිදී සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ ෆෙඩරල් විසඳුමකට සිංහල ජනතාව එරෙහි බවත් එම විරෝධය නොතකා එවැනි විසඳුමක් ලබා දීම කළ නොහැකි බවත්ය.

එහිදී දෙමළ ජාතික සන්ධානය පවසා ඇත්තේ ෆෙඩරල් ඒකීය වචනවල එල්ලී සිටීමේ අවශ්‍යතාවක් නොමැති අතර ව්‍යවස්ථාවේ අභ්‍යන්තර සංශෝධන මගින් බලය බෙදා හැරීම සිදු කළ හැකි බවත් ලෝකයේ එවැනි ව්‍යවස්ථා දැනටත් ක්‍රියාත්මක වන බවත්ය.

ෆෙඩරල් ඒකීය වචනවල එල්ලී නොසිට අර්ථාන්විත බලය බෙදීමක් සඳහා සිංහල ජනතාවගේ කැමැත්ත ලබාගත හැකි බව දෙමළ ජාතිත සන්ධානයේ මතය වී ඇත.

2015 මෛත්‍රී-රනිල් ප්‍රතිපත්ති ප්‍රකාශනය තම ප්‍රතිපත්තිය බවත් ඒ අනුව ඒකීය ලේබලය යටතේ උපරිම බලය බෙදීම උතුරේ ප්‍රශ්නයට විසඳුම බවත් ඇමතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉන් අනතුරුවය.

වර්තමාන රජය ඒකීය ලේබලය යටතේ ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමට ඉතාම සූක්ෂ්ම ලෙස කටයුතු කරන බව පසුගිය සමයේ බොහෝ විද්වතුන් විසින් පෙන්වා දෙනු ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස